හග්ගල උද්භිද උද්‍යානයේ පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රු.මිලියන 45ක් වැය කිරීමට රජය තීරණය කර ඇති බව පැවසෙයි.
ඒ යටතේ, හග්ගල උද්භිද උද්‍යානයේ පිවිසුම් දොරටුව නවීකරණය කිරීම හා සැමරුම් භාණ්ඩ අලෙවිසැල් ඇතුළු පහසුකම් සංවර්ධනය කිරීමට නියමිතය.
කෙසේ වෙතත්, 2014 වර්ෂය සඳහා හග්ගල උද්‍යානයේ සංවර්ධන කටයුතු සඳහා ප්‍රතිපාදන වෙන්කරදීමක් සිදුවී නොමැති බැවින්, මේ සඳහා අමතර රු.මිලියන 45ක ප්‍රතිපාදන ප්‍රමාණයක් භාණ්ඩාගාරයෙන් ලබාදීමට නියමිත බවද පැවසෙයි.