උතුරු කොළඹ මහල් නිවාස සංකීර්ණයේ දෙවැනි අදියරට මුල්ගල් තැබීමේ උත්සවය අද (16දා) පෙරවරුවේ පැවැත්වුණේජල සම්පාදන හා ජලාපවහන සහ නාගරික සංවර්ධන අමාත්‍ය රාවුෆ් හකීම් මහතාගේ සහභාගීත්වයෙන් තොරවය.
නාගරික සංවර්ධන අධිකාරිය විසින් බ්ලූමැන්ඩල් සිරිල් පෙරේරා මාවතේ ඉදිකිරීමට යෝජිත මෙම නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සවයට රාවුෆ් හකීම් මහතාටද ආරාධනා කර තිබිණි.
එහෙත් අවසානයේදී මුදල් අමාත්‍ය රවි කරුණානායක සහ කොළඹ පුරපති ඒ.ජේ.එම්.මුසම්මිල් යන මහත්වරුන් විසින් ඒ සඳහා මුල්ගල තබන ලදී.