බෞද්ධයන්ට හා භික්ෂූන් වහන්සේලාට දිගින් දිගටම නින්දා අපහාස කරමින් සිටින අධිකරණ අමාත්‍ය රවුෆ් හකීම් මහතා ආණ්ඩුවෙන් ඉවත්කරන්නැයි බොදුබල සේනා සංවිධානය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කළේය.
කිරුළපන පිහිටි බොදුබල සේනා මූලස්ථානයේ අද (15දා) පෙරවරුවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් එම සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අවධාරණය කළේ ජනාධිපතිවරයා මැදිහත්ව ඉතා ඉක්මනින් මේ පිළිබඳව තීරණයක් නොගතහොත් ඉදිරි ජනාධිපතිවරණයේදී සිංහල, දෙමළ, මුස්ලිම් ඡන්ද ඔහුට නොලැබීමට ඉඩ ඇති බවයි.