අද (26) හවස වෙන්නප්පුව උල්හිටියාව ගල්මල්පඳුර ප්රදේශයෙදි විපක්ෂයේ පොදු අපේක්ෂක මෛත්රිපාල සිරිසේන මහතා වෙනුවෙන් ජනතාව දැනුවත් කිරිමේ යෙදි සිටි වෙන්නප්පුව හිටපු සන්ධාන ප්රාදේශිය සභා මන්ත්රි ශිරොන් ප්රනාන්දු මහතා ඇතුළු පිරිසට එම ප්රදේශයේම සන්ධාන අධාර කරුවන් පිරිසක් පහර ඇත. එහිදී එක් අයෙකුගේ රුපියල් 75000 ක් වටිනා රන් මාලයක් කොල්ල කා පලා ගොස් ඇතැයි ශිරොන් ප්රනාන්දු මන්ත්රිවරයා පවසයි.
මේ පිළිබඳව වෙන්නප්පුව පොලිසියට පැමිණිල්ලක් ද දැමු බව මන්ත්රිවරයා වැඩි දුරටත් පැවසීය.
නයිනමඩම චන්දන ප්රනාන්දු