'මෛත්රී පාලනයක් උදෙසා මිත්රත්වයේ යාත්රාවේ' නියැලුණු පොදු අපේක්ෂක මෛත්රීපාල සිරිසේන මහතාගේ පාක්ෂිකයින් පිරිසකට හම්බන්තොට දිස්ත්රික්කයේ අඟුණුකොළපැලැස්සේ දී හා සූරියවැව නගරයේ දී කිසියම් පිරිසකගෙන් බාධා ඇති විය.
මෙහි දී සූරියවැව නගරයේ පොලීසිය ඉදිරිපිට දැඩි නොසන්සුන්තාවයක් ඇති වූ අතර දෙපිරිස අතර පැයකට අධික කාලයක් එම නොසන්සුන්තාවය පැවතුණි. එමෙන්ම සිද්ධිය වාර්තාකිරීමට ගිය මාධයවේදීන්ට ද බාධා ඇති විය.
මේ අතර දහවල් පුත්තලම නගරයේ අත් පත්රිකා බෙදා හරිමින් ජනතාව දැනුවත් කරමින් සිටිය දී එම ස්ථානයට කඩා වැදුණ පිරිසකගේ පහරදීමෙන් මෛත්රීපාල සිරිසේන මහතාගේ ආධාරකරුවන් තිදෙනෙක් තුවාල ලබා පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය පවසයි.
හිරාන් ප්රියන්කර/ රාහුල් සමන්ත