අධ්‍යාපනයේ නිදහස තහවුරු කර දේශන සඳහා 80% අනිවාර්ය කිරීමට ගත් තීරණය ඉවත්කිරීම, නවක සිසුන්ගේ මහපොළ ශිෂ්‍යාධාර ලබාගැනීම, යෝජිත නව ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කඩිනම් කිරීම හා සරසවි දේපළ විකිණීම නැවැත්වීම ආදී ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයීය සිසුහු අද (13දා) දහවල් විරෝධතාවක නියැළුණහ.
හෝර්ටන් පෙදෙසේ මහාමාර්ගය අවහිර කරමින් සිදුකළ මෙම උද්ඝෝෂණය නිසා එම මාර්ගයේ පැය කිහිපයක් දැඩි වාහන තදබදයක් ඇති වී තිබිණි.