සෞදි ආරාබියේ රැකියාවකට ගිය 36 හැවිරිදි දෙදරු මවක වූ තම දියණිය හිටිහැටියේම ගෙල වැලළාගෙන මියගොස් ඇති බව පිළිගත නොහැකි බව වවුනියාව, සිදම්පුරම් සරණාගත කඳවුරේ පදිංචි සත්‍යවේල් පොන් මලර් (අවු.60) මහත්මිය පවසයි.
මේ පිළිබඳව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකර මියගිය දියණියගේ සිරුර දිවයිනට රැගෙන දෙන ඇය ඉල්ලා සිටියි.
වවුනියාව, සිදම්පුරම් සරණාගත කඳවුරේ සිට සෞදි ආරාබියේ දමාම් නුවර නිවසකට සේවයට ගිය සුප්පා කමලා දේවි (අවු.36) නමැති දෙදරු මවක මෙසේ ජීවිතක්ෂයට පත්ව ඇත.
හලාවත සුපුන් හංසන