සෞදි අරාබියේ ජෙඩා සිට ශ්රී ලංකාවට පැමිණි ගුවන් මගියෙකු අද (02දා) කටුනායක ගුවන් තොටුපොළේ දී මිය ගොස් තිබේ .
ඔහු ශ්රී ලංකාවේ මහනුවර ,තෙල්දෙණිය ප්රදේශයේ පදිංචිව සිටි 49 හැවිරිදි අබුබකර් අබ්දුල් වාහිඩ් නැමැත්තෙකි.
අද අලුයම 4.20 ට පමණ සෞදි අරාබියේ ජෙඩා නුවර සිට පැමිණි ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්. - 282 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි
මගියාට හදිසියේ වැළදුණු හෘදයාබාධයක් නිසා මෙම මරණය සිදු වන්නට ඇතැයි මේ පිළිබඳව පරීක්ෂණ පවත්වන කටුනායක ගුවන් තොටුපොළ පොලිසිය පවසයි .
මොහු දැනට සෞදි අරාබියේ ජෙඩා නුවර ස්ථිර පදිංචිව සිටින අතර , සිය බිරිඳ ආපසු කැඳවා ගෙන යෑමට පැමිණ තිබේ.