සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ වැඩබලන තනතුරු වහාම අහෝසි කරන ලෙස සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අමාත්‍යාංශ ලේකම් අනුර ජයවික්‍රම මහතාට උපදෙස් ලබා දුන් බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව කිසියම් පරිපාලන තනතුරකට බඳවා ගැනීමේ දී ස්ථීර තනතුරුවලට පමණක් පත් කරන ලෙස අමාත්‍යවරයා දැනුම් දී තිබෙන අතර වෛද්‍ය ජ්‍යේෂ්ඨ ශ්‍රේණියේ තනතුරු 16 සඳහා බඳවා ගැනීමට ඉදිරියේ දී පුවත්පත් මගින් දැන්වීම් පළ කිරීමට ද තීරණය වී ඇත.
මේ වනවිට වැඩ බලමින් වසර ගණනාවක් තිබූ වෛද්‍ය කළමනාකරණ සේවයේ තනතුරු 79ක් ද ස්ථීර කර තිබෙන බව ද අමාත්‍යාංශය පෙන්වා දෙයි.