හදිසි ගංවතුර තත්ත්වයට මුහුණදීම සඳහා සියලු රෝහල් සූදානම් කර ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපාදන යටතේ ආපදාවට ලක්ව ඇති සියලුම දිස්ත්‍රික්ක සඳහා සීමාවක් නොමැතිව මුදල් ලබාදී සෞඛ්‍ය සේවා ඉටු කරන ලෙසට සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇති බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය විසින්ද ඉදිරියේ දී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත මූල්‍ය ප්‍රතිපාදන ලබාදීමට නියමිත බවත් හෙතෙම පැවසීය.
සෞඛ්‍ය අමාත්‍යාංශයේ ආපදා හා පෙර සූදානම් කළමනාකරණ ඒකකයේ වාර්තාවලට අනුව අවතැන් වූ ජනතාව කඳවුරු 278 ක රදවා සිටින බවත් ජනතාව වෙනුවෙන් විශේෂ ජංගම සෞඛ්‍ය සායනද ක්‍රියාත්මක කරන බවත් හෙතෙම වැඩිදුරටත් පැවසීය.
එමෙන්ම විශේෂ කණ්ඩායම් කිහිපයක් දිවයිනේ සියලුම කඳවුරුවල වර්තමාන තත්ත්වය සොයාබැලීම සඳහා පිටත් කොට ඇති අතර අරණායක ප්‍රදේශයේ නායයෑමෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා ජංගම සෞඛ්‍ය සායන ක්‍රියාත්මක බවත්,මහිපාල මහතා වැඩිදුරටත් පැවසීය