ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (22දා) උදෑසන 7.00 සිට හෙද පරිපූරක අතුරු වෛද්‍ය රජයේ ලියාපදිංචි සහකාර වෛද්‍ය නිලධාරීන්, පවුල් සෞඛ්‍ය සේවා නිලධාරීන් සේවයෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් දියත් කරන බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කරයි.
පැය 24ක කාලයක් සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරන බවත් මේ නිසා හෙද සේවාව ඖෂධ සැපයීම, වෛද්‍ය පරීක්ෂණ කටයුතු ඖෂධ සැපයීම, වෛද්‍ය පරීක්ෂණ කටයුතු, සහකාර වෛද්‍ය නිලධාරීන්ගේ කටයුතු හා මහජන සෞඛ්‍ය පරීක්ෂණ කටයුතු සහ පවුල් සෞඛ්‍ය සේවා කටයුතු ඇණහිටින බවද එම බලමණ්ඩලයේ සම කැඳවුම්කරු සමන් රත්නප්‍රිය මහතා සඳහන් කළේය.
මානුෂීය හේතූන් මත පිළිකා රෝහල්, වකුගඩු රෝහල් ළමා හා කාන්තා රෝහල් හා මධ්‍යම ලේ බැංකුව තුළ මෙම වැඩවර්ජනය සිදුනොකරන බවද පවසා සිටියේය.
හිඟ අතිකාල ලබාදෙන ලෙස හා 2016 වැටුප් වැඩි කිරීමට සාපේක්ෂව අතිකාල ලබාදෙන ලෙස හා හඳුන්වාදීමට යන ඇඟිලි සලකුණු ක්‍රමය අහෝසි කරන ලෙස හා දුම්රිය සේවාවට වැටුප් වැඩිකිරීමත් සමග ඇතිවූ වැටුප් විෂමතා ඉවත් කරන ලෙස ඉල්ලා මෙම ක්‍රියාමාර්ගය දියත් කරන බවද සමන් රත්නප්‍රිය මහතා අවධාරණය කළේය.