කොරියාවේ සෝල් අගනගරය නගරය, ශී්ර ලංකාවේ නගරයක් සමග සහෝදර නගර සබඳතාවයක් ඇතිකර ගැනීමට අපේක්ෂාවෙන් සිටින බව සෝල් නගරයේ නගරාධිපති පාක් වොන්සූන් මහතා පවසයි.
සෝල් නගරාධිපති හා ජනපති මෛත්රීපාල සිරිසේන මහතා අතර අද (07දා) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැති සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජනපති මෛත්රීපාල සිරිසේන මහතා සඳහන් කර ඇත්තේ නගර අතර සබඳතා ඇතිකර ගැනීමෙන් නාගරික සංවර්ධන කටයුතුවලදී දෙරට අතර දැනුම හුවමාරුකර ගැනීමට අවස්ථාව සැලසෙනු ඇති බවයි.