කොළඹ අපරාධ කොට්ඨාසය විසින් තමාට ඇප දිය නොහැකි වරදක් සම්බන්ධ කර අත්අඩංගුවට ගැනීමට සැරසෙන බව පවසමින් අධිකරණයෙන් පෙර ඇප ඉල්ලා, කොළොන්නාව ප්රාදේශීය සභාවේ හිටපු සභාපති ප්රසන්න සෝලංගආරච්චි මහතා අද (31දා) අපේක්ෂිත ඇප පෙත්සමක් ගොනු කළේය.
නීතිඥ ගුණරත්න වන්නිනායක මහතාගේ මාර්ගයෙන් ගොනුකළ මෙම අපේක්ෂිත ඇප පෙත්සමෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ ස්ථානාධිපතිවරයා වගඋත්තරකරුවෙකු ලෙස නම්කර තිබේ.
ඒ අනුව වගඋත්තරකාර ස්ථානාධිපතිවරයාට ජනවාරි මස 07 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස නොතීසි නිකුත් කිරීමට කොළඹ අතිරේක මහේස්ත්රාත් ප්රියන්ත ලියනගේ මහතා නියම කළේය.
මෙම පෙත්සම සම්බන්ධයෙන් වන විභාගය ජනවාරි 7 දා අධිකරණයේ කැඳවීමට නියමිතය.