ප්රජාතන්ත්රවාදී භික්ෂු සංවිධානයේ අනුශාසක තනතුරට මාදුළුවාවේ සෝභිත හිමියන් පත්කර ගන්නා ලෙසට එම සංවිධානයේ භික්ෂූන් වහන්සේලා කළ ඉල්ලීමක් ප්රතික්ෂේප කිරීමට ප්රජාතන්ත්රවාදී පක්ෂයේ නායක සරත් ෆොන්සේකා මහතා කටයුතු කර තිබේ.
ඒ මහතා පවසා ඇත්තේ ජනප්රිය භික්ෂූන් වහන්සේ නමක් එම තනතුරට පත් නොකර ජනප්රිය නොවන භික්ෂූන් වහන්සේ නමක් පත්කරන ලෙසය.ඒ අනුව ශ්රී ලංකා රාමඤ්ඥ මහා නිකායේ යටිනුවර දිසාපාලක දර්ශනපති හාරිස්පත්තුවේ මංගල හිමියන් එම තනතුරට පත්කර තිබේ. අද දින කොළඹදී පැවති ප්රජාතන්ත්රවාදී භික්ෂු සංවිධානයේ මංගල සමුළුවේදී සරත් ෆොන්සේකා මහතා මේ බව අනාවරණය කළේය.
ඡායාරූප ඒශාන් ප්රනාන්දු