පසුගිය දින කිහිපයේදී චරිත සහතික ලියවා ගැනීමට තමන් වහන්සේ හමුවට පැමිණි අපේක්ෂකයන් පිරිසක් යළි හරවා යැවූ බව සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ ප්‍රකාශ කළහ.
මැතිවරණ ප්‍රචාරණ කටයුතුවලට යොදාගන්නා අත්පත්‍රිකා සහ වෙළෙඳ දැන්වීම් සඳහා තමන් වහන්සේගේ ප්‍රකාශ සහ සහතික කිරීම් ලබාගැනීමට මෙම අපේක්ෂකයන් උත්සාහයක යෙදෙන බවත් ඔවුන් කෝට්ටේ ශ්‍රී නාග විහාරයට පැමිණෙන බවත්, පෞද්ගලික මට්ටමින් පැමිණි මෙම පුද්ගලයන් විවිධ දේශපාලන පක්ෂවලට අයත්වන බවත් උන්වහන්සේ පැවසූහ.
උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේ, කිසිදු දේශපාලඥයෙකුට තමන් චරිත සහතික ලබා නොදෙන බවත්, ස්වාධීනව කටයුතු කිරීමට සිතාගෙන සිටින බවත්ය.
එහෙත් සංවිධාන 49 ක් එක්ව ඉදිරිපත් කළ යෝජනාවලියක් ක්‍රියාත්මක කරවා ගැනීමට අවශ්‍ය සහාය ලබාදෙන බව සෝභිත හිමියෝ පවසා සිටියහ.