මහින්ද රාජපක්ෂ මහතා ජාතික ගීයද තම මැතිවරණ ප්රචාරක කටයුතු සඳහා යොදාගෙන ඇති බවට සාධාරණ සමාජයක් උදෙසා ව්‍යාපාරයේ කැඳවුම්කරු පූජ්‍ය මාදුළුවාවේ සෝභිත හිමියෝ පැවසූහ.
මෛත්‍රීපාල මහතා පෞද්ගලික මුදල්වලින් මැතිවරණ කටයුතු සිදුකරන විට මහින්ද රාජපක්ෂ මහතා මහජන මුදල් වියදම් කරමින් මැතිවරණ ව්‍යාපාර කටයුතු සිදුකරන බවත්, මැතිවරණ කොමසාරිස්වරයාගේ බලතල ක්‍රියාත්මක කර සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට කටයුතු කරන ලෙසත් සෝභිත හිමියන් ඉල්ලා සිටියේ අද (29දා) කොළඹදී පැවැති මාධ්‍ය හමුවකදීය.