ඛණිජ තෙල් බෙදා හැරීම ඊයේ (25දා) මධ්‍යම රාත්‍රියේ සිට අත්‍යාවශ්‍ය සේවයක් බවට පත්කර ඇති හෙයින් එම සේවාව හා සම්බන්ධ සියලු දෙනාටම වහාම සේවයට වාර්තා කරන ලෙස රජය දන්වා සිටියි.
එසේ සේවයට වාර්තා නොකරන සේවකයින් සේවය හැරගියා සේ සළකන බවද රජය දන්වා සිටියි. එසේම ඛණිජ තෙල් බෙදා හැරීම යථා තත්ත්වයට පත්කර ඇති හෙයින් බවුසර්වලට ඉන්ධන ගබඩා වෙත පැමිණෙන ලෙසද රජය වැඩිදුරටත් දන්වා සිටියි.