නිවාඩු නොලබා සේවයට වාර්තා නොකර සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයන් සෙවීම සඳහා දිවයිනපුරා සිදුකළ මෙහෙයුම් වලදී 1300ක පිරිසක් අත්අඩංගුවට ගත් බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා පැවසීය.
ඒ අනුව ඉකුත් දෙසැම්බර් (31දා) සිට ඊයේ (13දා) දක්වා කළ මෙහෙයුම්වලින් අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයන් 984 දෙනෙක්ද‚ නාවික හමුදා සාමාජිකයන් 236 දෙනෙක් ද‚ ගුවන් හමුදා සාමාජිකයන් 14 දෙනෙක් ඒ අතර වන බවද ඒ මහතා පැවසීය.
ඒ අනුව ඉදිරි දිනවලත් සේවයට වාර්තා නොකර සිටින සෙබළුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මක කරන බවද හමුදා ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.