සේවය ඉල්ලා හමුදා සෙබළෙක් උපවාසයේ
යුද හමුදාවේ වසර දොළහක් සේවය කරමින් සිටි තමන්ව උසස් නිලධාරියෙකු විසින් බලෙන් සේවයෙන් ඉවත් කළේයැයි පවසමින් හමුදා සෙබළෙකු මනම්පිටිය බස්නැවතුම්පොළේ වහලය මත නැග අද (21දා) අලුයම මාරාන්තික උපවාසයක් ආරම්භ කර තිබුණි.
මෙලෙස උපවාසයක නිරතව සිටියේ නැගෙනහිර මනම්පිටිය ප්රදේශයේ පදිංචි 35 වියැති දෙදරු පියෙකු වන ඩබ්.ඩබ්.ඩී.පී. කුලරත්න යන අයයි.
තමන් වසර 12 ක් ක්රියාන්විත රාජකාරියේ සිටියදී ස්ථාන මාරුවක් ඉල්ලා සිටි බවත්, එවිට පුනරීන් හමුදා කඳවුරේ උසස් නිලධාරියෙකු තමන් සේවයෙන් ඉල්ලා අස්වූ බවට බලෙන් අත්සන් ලබාගෙන සේවයෙන් ඉවත් කළ බවත් ඔහු පවසයි.
තවත් වසර 10 ක සේවා කාලයක් තිබියදී මෙලෙස බලහත්කාරයෙන් සේවයෙන් ඉවත් කිරීම අසාධාරණයක් බවද ඔහු පවසා සිටී.
තම රැකියාව අහිමි කිරීමෙන් දරු පවුල මෙන්ම තම පියාද අන්තඅසරණ වී ඇති බව පවසන කුලරත්න මහතා, තමන්ට තවත් වසර 10 හමුදා සේවයේ නිරතවීමට අවස්ථාව සලසා දෙන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළේය.
මනම්පිටිය - නිමල් ජයරත්න
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

