යෝජිත සේතුසමුද්‍රම් නාවික මාර්ගය සකස් කිරීමේදී ඓතිහාසික රාම් සේතු මාර්ගයට (ආදම්ගේ පාලම) කිසිඳු හානියක් සිදු නොකරන බව ඉන්දීය රජය එරට ශ්‍රේෂ්ඨාධිකරණයට දන්වා ඇත.
මධ්‍යම ආණ්ඩුවේ නාවික අමාත්‍යාංශය ශ්‍රේෂ්ඨාධිකරණයට දිවුරුම් ප්‍රකාශයක් ඉදිරිපත් කරමින් මේ බව සඳහන් කළ අතර ඒ අනුව මෙම ව්‍යාපෘතියට එරෙහිව භාරතීය ජනතා පක්ෂයේ ජ්‍යේෂ්ඨ නායක සුබ්‍රමනියම් ස්වාමි මහතා ඉදිරිපත් කළ පේත්සම ඉවත දැමිය හැකි බවත් අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ අනුව ව්‍යාපෘතිය සඳහා විකල්ප කෙරෙහි අවධානය යොමුකිරිමට ඉන්දීය මධ්‍ය රජය සූදාම් වි ඇත.
ටයිම්ස් ඔෆ් ඉන්දියා