රජයේ ආයතනයන් ලෙස පවතින සෙවනගල සීනී කම්හල දයා ගමගේ මහතාට නැවත ලබාදීමට කිසිසේත්ම එකඟ විය නොහැකි බව ධීවර සහ ජලජ සම්පත් අමාත්‍ය මහින්ද අමරවීර මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
අයවැය දෙවැනිවර කියවීමේ විවාදයට එක්වෙමින් අමාත්‍යවරයා අද (13දා) පාර්ලිමේන්තුවේදී මේ බව පැවසීය.
සෙවනගල සීනී කම්හල පවරාගැනීමේදී වරදක් සිදුවී ඇත්නම් එම වැරදි වෙනත් ආකාරයකට නිවැරදි කරගත යුතු බවත්, එම ආයතනය එක් පුද්ගලයෙකුට ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අමාත්‍යවරුන්ට එකඟවිය නොහැකි බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
ප්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතාට එවකට අයත්ව තිබු සීමාසහිත පැලවත්ත සීනි සමාගම සහ එයට අයත් දේපළ මහින්ද රාජපක්ෂ රජය විසින් 2011 අංක 43 දරණ ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත යටතේ රජයට පවරාගත්තේය. ඒම පනත අහෝසි කිරීමට මෙවර අයවැයෙන් යෝජනා කර තිබේ.