ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌණ උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අහෝසි කළද, රජයේ ආයතනයක් ලෙස පවතින සෙවණගල සීනි කම්හල දයා ගමගේ මහතාට නැවත නොදීමට රජය තීරණය කර ඇති බව වාරිමාර්ග සහ ජල කළමනාකරණ අමාත්‍ය විජිත් විජයමුණි සොයිසා මහතා පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේය.
ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝජිත වත්කම් පුනරුදය කිරීමේ පනත අහෝසි කිරීමට රජය ගත් තීරණය වැදගත් තීරණයක් වන බවත්, එසේ වුවද එම අවලංගු කිරීම අතීතයට බල නොපාන බවත් අමාත්‍යවරයා පැවසීය.
විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ප්‍රශ්නයකට පැහැදිලි කිරීමක් ලෙස අදහස් දක්වමින් ඊයේ (15දා) පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේ බව කීවේය.