මන්නාරම කාක්කයියන්කුලම් ඉරගොඉරුප්පුකුලම් ප්රදේශයේදී ඊයේ (15දා)රාත්රියේ ළිඳකට වැටී කුඩා ළමුන් දෙදෙනෙකු මිය ගොස් ඇති බවට මන්නාරම් පොලීසිය පවසයි.
ඉරගොඉරුප්පු කුලම් ප්රදේශයේ පදිංචි ජීවිතක්ෂයට පත් දරුවන් දෙදෙනා එකම පවුලේ සහෝදරයන් වන අතර, දරුවන් දෙදෙනා ඊයේ රාත්රියේ ළිඳ ළඟ සෙල්ලම් කරමින් සිටි අවස්ථාවේදී ගෙවත්තේ ළිඳට එකවරම වැටී ඇති බව මූලික පරීක්ෂණවලින් අනාවරණය වී ඇත.
මෙලෙස ජිවිතක්ෂයට පත්වූයේ, මොහොමඩ් සපූර් (අවු.07)හා මොහොමඩ් සමිරූෆ් (අවු.05) නමැති දරුවන් දෙදෙනෙකි.
දරුවන් දෙදෙනාගේම මළ සිරුරු මේ වනවිට මන්නාරම් රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, මන්නාරම් හා මඩු පොලීසිය මගින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.