සූර්යය ලප බලන්න අද ග්‍රහලෝකාගාරයට එන්න
- 7 11 2015
- 08:10
- {{hitsCtrl.values.hits}} views
- සම්පත් විදානගමගේ
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය විසින් අද (07) විශේෂ ඩිජිටල් ගෝලීය දර්ශන පෙන්වීමට සහ දුරේක්ෂ භාවිතයෙන් සූර්යය ලප නිරීක්ෂණය කිරීමට අවස්ථාව ලබා දීමේ වැඩසටහනක් සංවිධානය කර ඇත.
සූර්යය ලප නිරීක්ෂණය කිරීම අද පෙ.ව. 10.00 සිට ප.ව. 4.00 දක්වා ග්‍රහලෝකාගාර භූමියෙ හිදී සිදු කෙරේ. සූරිය ලප නිරීක්ෂණය කිරීමේ මෙම විරල අවස්ථාව ග්‍රහලෝකාගාරය නරඹන්නට පැමිණෙන්නන්ට ඉතාමත් සුවිශේෂී එකක් වනු ඇත.
නොවැම්බර් මස 10 වන දිනට යෙදෙන ලෝක විද්‍යා දිනයට සමගාමීව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍යංශය සහ අනුබද්ධ ආයතන එක්ව සංවිධාන කරනු ලබන ජාතික විද්‍යා සතිය වෙනුවෙන් ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය මෙය සැලසුම් කර ඇත.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
