කිලෝවොට් 100ක ධාරිතාවයකින් යුක්ත ශ්‍රී ලංකාවේ කර්මාන්ත ශාලාවක ස්ථාපිත කරන ලද ප්‍රථම නෙට් ප්ලස් පද්ධතිය අද(06දා) බුත්තල මියාමි එක්ස්පෝර්ට් සමාගමේ ඇඟළුම් කර්මාන්ත ශාලාවේදී ජාතික විදුලි පද්ධතියට එක් කෙරිණි.
මේ හරහා සූර්යබල සංග්‍රාමයේ නව පිටුවක් සනිටුහන් කරීමට හැකිවු බව මෙම අවස්ථාවට විදුලිබල සහ පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද කුමාරසිරි , මියාමි එක්ස්පෝර්ට් සමාගමේ සහ බාම් ග්‍රීන් ආයතනයේ විධායක නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ.