පිටකොටුව ඕල්කොට් මාවත,මල්වත්ත පාර යන ප්රදේශවල සූදු ක්රීඩා කරමින් සිටි පුද්ගලයන් හා කළමනාකරුවන් ඇතුළු සැකකරුවන් 82දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.
කොළඹ අපරාධ කොට්ඨාසය ඊයේ (08) රාත්රියේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී නීතිවිරෝධී ලෙස සූදු පොළවල් පවත්වාගෙන ගිය ස්ථාන 05 ක් වටලා මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලදී. අත්අඩංගුවට ගන්නාලද පුද්ගලයන්ට විරුද්ධව නඩු පැවරීමට නියමිත බව පොලිස් මූලස්ථානය පවසයි.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණකොළඹ අපරාධ කොට්ඨාසය මගින් සිදුකරයි.