ජනවාරි අටවෙනිදාට පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිමය වෙනසක් සිදුවිය යුතුව තිබුණද එහි කිසිදු වෙනසක් සිදු නොවූ බවත්, මෙවර මහ මැතිවරණයට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරග කරන ලෙස සුසිල් ප්‍රේම්ජයන්ත මහතා ආරාධනා කළ බවත් ජනමාධ්‍ය අමාත්‍යංශ හිටපු ලේකම් කරුණාරත්න පරණවිතාන මහතා පැවසීය.
නමුත් ජනවාරි 08 වැනිදා සිදු වූ වෙනස ඉදිරියට ගෙනයාම පිණිස සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ආරාධනාව තමා ප්‍රතික්ෂේප කළ බවත් යහපාලන එක්සත් ජාතික පෙරමුණෙන් තරග වැදීමට තීරණය කළ බවත් හෙතෙම පැවසුවේ අද (14දා) පැවැති මාධ්‍ය හමුවකදීය.