එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ගම්පහ දිස්ත්‍රික් නාමයෝජනා ලැයිස්තුව සකස් කරද්දී තමාට නාමයෝජනා නොලැබීම පිළිබඳව සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා සමග බහින්බස්වීමක් වූයේ යැයි පළවන වාර්තා අසත්‍ය බව බස්නාහිර පළාත් සභා මන්ත්‍රිනී සමන්මලී සකලසූරිය මෙනෙවිය සඳහන් කළාය.
කොළඹදී අද (14දා) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරිය,
“එතුමා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක. ඒ වගේම එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්. මගේ පියාගේ කාලෙ ඉඳන් මේ පක්ෂය වෙනුවෙන් කැපවුණු ජ්‍යෙෂ්ඨතම නායකයෙක්. ඉතිං එතුමා සමග බහින්බස් වීමක් වෙන්න තරම් මගේ මානසික මට්ටම පහත් නෑ. එතුමන්ලා අපිට උපදෙස් දෙද්දි අපි අහගෙන හිටියා. ඒක බාරගෙන හිනා වෙලා මං එළියට ආවා.” යැයි පැවසුවාය.