ප්රජාතන්ත්රවාදී පක්ෂයේ බස්නාහිර පළාත් සභා මන්ත්‍රී සුසිල් කිඳෙල්පිටිය මහතා දෙමළ එක්සත් විමුක්ති පෙරමුණෙන් කොළඹ දිස්ත්‍රික්කය සඳහා අද (13දා) නාමයෝජනා බාරදුන්නේය.
ඒ පිළිබඳව 'අද' ට ප්‍රකාශයක් කළ ඒ මහතා,
"ප්රජාතන්ත්රවාදී පක්ෂය දිගින් දිගටම කටයුතු කළ ආකාරය ගැන මම සෑහීමකට පත්වුණේ නෑ. මට තේරුණා පසුගිය කාලය පුරාම පක්ෂය මට පළ නොකියා පලා බෙදින විත්තිය. මට නාමයෝජනා නොදෙන විත්තිය මම දැන ගත්තා. ඒ නිසා මම නාමයෝජනා ඉල්ලුවෙත් නෑ. ඒ අය දුන්නෙත් නෑ. ඒ නිසා ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණෙන් තරග කරන්න තීරණය කළා.
අපි උත්සාහ කළේ යහපාලන කණ්ඩායම එක්ක යන්නයි. මොකද මෛත්‍රීපාල මහත්තයා බලයට ගේන්න විශාල උත්සාහයක් ගත්ත කෙනෙක් මම. ඒ නිසා යහපාලන කණ්ඩායම එක්ක යන්න මම සාකච්ඡා කළා. නමුත් ඒගොල්ලෝ එක්සත් ජාතික පක්ෂය සමග එකතුවීම මත එතනින් ඉවත්වෙන්න මම තීරණය කළා" යනුවෙන් පවසා සිටියේය.