දිවයිනට පැමිණීමට නියමිත ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය සුෂ්මා ස්වරාජ් මහත්මිය සමග උතුරේ ධීවරයන්ට බලපාන ඉන්දීය ධීවර ගැටලුව පිළිබඳ සාකච්ඡා කිරීමට තමන් සූදානමින් සිටින බව උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී විග්නේෂ්වරන් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
උතුරු පළාතේ ධීවර ජනතාව තමන් වෙත ලබාදී ඇති ඉල්ලීම් සහ යෝජනා පිළිබඳව ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යවරිය වෙත ඉදිරිපත් කරන බවත් ඉන්දීය ධීවරයන්ගේ ගැටලු හේතුවෙන් උතුරේ ධීවර ජනතාව පත්ව ඇති දුෂ්කරතා පිළිබඳ දැනුම් දී ලබාගත් හැකි විසඳුම් මෙහිදී දැනුම් දෙන බවත් එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් කොට ඇත.