සුව ඇමතිට හා වෛද්‍ය සභාවට තවත් නඩුවක්
විදේශ විශ්වවිද්‍යාලයකින් වෛද්‍ය උපාධිය ලබාගත් ශිෂ්‍යාවක ශ්‍රී ලංකා වෛද්‍ය සභාව මගින් පවත්වන විභාගය නොපැවැත්වීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වගඋත්තරකරුවන් කරමින් පවරා ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන දෙසැම්බර් 4දා විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද (25දා) අවසර දුන්නේය.
‘සයිටම්’ විශ්ව විද්‍යාලයේ ප්‍රශ්නයක් මුල් කරගනිමින් උද්ගත වී ඇති තත්වයක් මත බව පවසමින් විදේශ විශ්වවිද්‍යාලවලින් වෛද්‍ය උපාධිය ලබාගත් සිසුන් මෙරටට පැමිණ සේවය කිරීම සඳහා වෛද්‍ය සභාව මගින් පවත්වන “ඇක්ට් 16 සහ ඊ.ආර්.පී.එම්.” විභාග පසුගිය මැයි මස 15,18 දිනවල පැවැත්වීමට නියමිතව තිබුණද එම විභාග කල්තැබීමට වෛද්‍ය සභාව විසින් ගෙන ඇති තීරණය අහෝසි කරන ලෙසද ඉල්ලමින් මෙම මූලික අයතිවාසිකම් පෙත්සම ගොනු කොට ඇත.
මීට අමතරව විභාගය කල් දැමීමට වෛද්‍ය සභාව තීරණය කිරීම හේතුවෙන් තම මුලික අයිතිවාසිකම් උල්ලංඝණය වී ඇති බවට ප්‍රකාශ කොට වෛද්‍ය සභාවෙන් හා එහි ලේඛාධිකාරීවරයාගෙන් රුපියල් මිලියනය බැගින් වන්දි අයකරදෙන ලෙසද ඉල්ලමින් මෙම පෙත්සම ඉදිරිපත් කොට තිබේ.
ඊවා වනසුන්දර, බුවනෙක අළුවිරාරේ සහ විජිත් මලල්ගොඩ යන මහත්ම මහත්මීන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වු කරුණු සැලකිල්ලට ගනිමින් පෙත්සම විභාග කිරීමට මෙලෙස අවසර ලබා දුන්නේය.
මනෝප්රිය ගුණසේකර සහ රන්ජන් කටුගම්පොළ
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

