සුරාබදු ආඥා පනතේ නියමයන් උල්ලංඝනය කරමින් පවත්වාගෙන යන සුරාසල් 349 ක් හෙට (17දා) සිට වසා දමන ලෙසට ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතා බලධාරීන්ට අද (16දා) නියෝග කර තිබේ.
පාසල් සහ විහාරස්ථාන, ආගමික ස්ථානවලට මීටර් 500 ක් ඇතුළත පිහිටා තිබෙන මෙම සුරාසැල් පිළිබඳව අද පැවැති ඒකාබද්ධ නිවාරණ කමිටු රැස්වීමේදී එහි නියෝජිතයන් ජනාධිපතිවරයාට පෙන්වා දී ඇත.
ඒ අනුව එම සුරාසැල් 349 වසාදමන ලෙසට ජනාධිපතිවරයා සුරාබදු කොමසාරිස්වරයාට නියෝග කර ඇත.