බත්තරමුල්ල සුරාබදු කාර්යාලයේ සේවය කළ සුරාබදු සැරයන්වරයෙකු රුපියල් 9000 ක අල්ලස් මුදලක් ලබාගැනීමට යාමේදී අද (23දා) දින අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.පුද්ගලයෙකුට බාධාවකින් තොරව ගංජා විකිණීමට ඉඩ ලබාදීමට මෙම අල්ලස් මුදල ලබා ගෙන තිබුණු බව එම කොමිසම පවසයි.