(PICTURES) සුරාබදු කොමසාරිස් අධ්යක්ෂ ජනරාල් වසන්ත හපුආරච්චි මහතාගේ පමුණුගම පිහිටි නිවසට අද (06දා) අලුයම 2.00 ට පමණ වෙඩි ප්රහාරයක් එල්ල වී තිබේ.
නන්නාඳුනන පිරිසක් විසින් එල්ල කළ ප්රහාරයෙන් ඒ මහතාගේ ජීප් රථයට සහ නිවසට හානි වී තිබේ. නමුත් අධ්යක්ෂ ජනරාල්වරයාට ඉන් කිසිදු හානියක් සිදු වී නැත. එම අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ හපුආරච්චි මහතා සහ ඔහුගේ සේවකයෙකු පමණක් බව පොලීසිය පවසයි.
මෙම සිදුවීම කොමසාරිස්වරයා බියවැද්දීමේ අරමුණින් කරන්නට ඇතැයි පවසන පමුණුගම පොලීසිය, මේ පිළිබඳව පුළුල් පරීක්ෂණයක් මේ වනවිට ආරම්භ කර තිබෙන බවද සඳහන් කරයි.
මේ අතර මේ අතර සුරාබදු විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති රොස්මන්ඞ් ප්රනාන්දුගේ කොට්ටාව - රුක්මල්ගම පිහිටි නිවසට වෙඩි ප්රහාරයක් අද (06 දා) අලුයම එල්ල වී තිබේ. මෙම වෙඩි ප්රහාරයෙන්ද කිසිවෙකුටත් හානියක් සිදුවී නොමැති බව පොලීසිය සඳහන් කරයි.
රුක්මන් කඳාන