සුබ නව වසරක් වේවා
ලැබුවා වූ 2017 නව වර්ෂය සාමය සතුට සෞභාග්‍ය පිරි සුබ නව වසරක් වේවායි අද කාර්යය මණ්ඩලය සහ විජය පුවත්පත් සමාගම සුබ පැතුම් එක්කර සිටියි.
ශ්‍රී ලංකාව ඇතුළු ලොව පුරා රටවල් බහුතරයකට මේ වන විට නව වසර උදා වී ඇති අතර නව වසර සැමරීම වෙනුවෙන් ඊයේ(31) රාත්‍රිය පුරා විවිධ උත්සව පැවැත්වුණි.
2017 නව වසර උදාව රාත්‍රී 11යි විනාඩි59යි තත්ත්පර 60 ලෙස සම්මත ඔරලෝසුවල සටහන් කිරීමට පියවර ගෙන තිබුණු අතර ඊට හේතුව වී ඇත්තේ පෘථිවියේ පරිභ්‍රමණ වේගය මන්දගාමීවීම හේතුවෙන් 2016 වසර සඳහා තත්ත්පරයක අමතර කාලයක් එක් කිරීම හේතුවෙන් බව වාර්තා වෙයි.
ඒ අනුව 2017 වර්ෂය ආරම්භ වීම පැවති සම්මත ඔරලෝසු වේලාවට වඩා තත්ත්පරයක් ප්‍රමාද වී තිබේ. සෞභාග්‍යයේත්, සහජීවනයේත්, සංහිදියාවේත් නැවුම් අපේක්ෂා දල්වමින් 2017 වසර එළඹ ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. තිරසර යුගයක මග සලකුණු ඔස්සේ ශ්‍රී ලංකාවෙන් දිළිදුකම තුරන් කිරීමේ අධිෂ්ඨානය පෙරදැරිව මිලියන 22ක ජනතාව නව වසර පිළිබඳ බලාපොරොත්තු දල්වාගෙන සිටින බව සුබාසිංශන එක්කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.
මේ අතර ප්රජාතන්ත්රවාදී සදාචාර සම්පන්න දියුණු රටක් ලෙස ඉදිරියට යාමට නම් තවදුරටත් ඉටුකළ යුතු විශාල කාර්යය භාරයන් අප ඉදිරියේ පවතින බව නව අවුරුදු සුබපැතුම් එක්කරන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.
විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා නව වසරට සුභාසිංශන එක්කරමින් පවසන්නේ 2017 වර්ෂය අප ඉතිහාසයේ ඉතා තීරණාත්මක වසරක් වනු ඇති බවයි.
ඉදිරිපත් කිරීමට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් අපගේ ජාතික ගැටළුවට තිරසාර හා කල්පවත්නා විසඳුමක් මේ වසරේදී ළඟා කරගත යුතු බව විපක්ෂ නායක ආර්.සම්බන්ධන් මහතා සිය අලුත් අවුරුදු පණිවිඩයෙන් දක්වා තිබේ.
මේ අතර හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ද නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ 2017 වසරේ දි ශ්‍රී ලංකාවේ අනාගත තීන්දු වනු ඇති බවයි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
