ජාත්‍යන්තර ප්‍රමිතියට අනුව ඉදිකරන ලද අඟුණකොළපැලැස්සේ පිහිටි බන්ධනාගාරය විවෘත කර සති ගණනාවක් ගතවී තිබුණද දේශපාලන හේතුවක් මත එහි සිරකරුවන් රැඳවීම ප්‍රමාද කර ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.
තංගල්ල බන්ධනාගාරයේ සිටින රැඳවියන් මෙයට යොමු කිරීමට තීරණය කර තිබුණද, දැනට එහි සිටින දේශපාලන රිමාන්ඩ් සිරකරුවන් හේතුවෙන් අඟණකොළපැලැස්සේ නව බන්ධනාගාරයට රැඳවියන් යෙදවීම ප්‍රමාද කරන බව වාර්තා වේ.
හම්බන්තොට පැවැති උද්ඝෝෂණයේදී අත්අඩංගුවට ගන්නා ලද පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර, පළාත් සභා මන්ත්‍රීවරුන් වන උපාලි කොඩිකාර, අජිත් ප්‍රසන්න, සම්පත් අතුකෝරළ යන මන්ත්‍රීවරුන් ඇතුළු සැකකරුවන් 31 දෙනෙකු මේ වනවිට තංගල්ල බන්ධනාගාරයේ දැඩි අපහසුතා මැද රඳවා සිටින බවද සඳහන් වේ.
ජයන්ත සමරකෝන් (ඉරිදා ලංකාදීප)