මුන්දලම ප්රදේශයෙන් හොරා ගන්නා එළුවන් අඳුරු වීදුරු සහිත සුපිරි හයිබ්රිඩ් මෝටර් රථවලින් කොළඹට හොර රහසේම ප්රවාහනය කරන ජාවාරමක් අනාවරණය කර ගැනීමට අද (3දා) හලාවත පොලීසිය සමත්ව තිබේ.
හලාවත පුත්තලම මාර්ගයේ රාජකදළුව ප්රදේශයේදී සිදුවූ රිය අනතුරකින් අනතුරුව මෙම ජාවාරම හෙළිකරගෙන ඇත.
සුපිරි හයිබ්රිඩ් මෝටර් රථයක් අනතුරකට ලක්වී ඇති බවට ලද තොරතුරක් අනුව හලාවත පොලීසියේ රථවාහන ඒකකයේ නිලධාරීන් අද අලුයම 4ට පමණ එම ස්ථානයට ගොස් තිබේ.
අනතුරින් පසුව රථයේ පැමිණි පිරිස පලාගොස් ඇති අතර එම රථයේ එලිච්චියක් සිටි අතර තවත් එළුවන් එහි සිටි බවට ලකුණු තිබුණ බව පොලීසිය පවසයි.
මෙම හයිබ්රිඩ් මෝටර් රථය කොළඹ කොටහේන ප්රදේහයේ පදිංචි කාන්තාවකට අයත් වන අතර එය රථවාහන කුලියට දෙන ආයතනයකට ලබාදී තිබේ. එය කුලියට ලබාගත් පිරිසක් රථය ගෙන ගොස් පුත්තලම ප්රදේශයෙන් සොරා ගන්නා එළුවන් කොළඹට ගෙන යන බව පොලීසිය අණාවරණය කර ගෙන ඇත.
හලාවත සුපුන් හංසන