2004 වසරේ සුනාමිය පැමිණෙන විට තමා සිටියේ අරලිය ගහ මන්දිරයේ බවත්, මහුද ගොඩ ගලනවා යනුවෙන් කියූ වට තමා එය විශ්වාස නොකළ බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.
“මම අරලිය ගහ මන්දිරයේ ඉන්නකොට මුහුද ගොඩ ගලනවයි කිවුවම මම විහිළු කරන්න එපා කියලා කිවුවා. මම වාහනයෙන් මාතරට උත්සවයකට යන්න හිටියා මේක කිවුවම එදා අපි විශ්වාස කලේ නෑ . මම අගමැතිවරයා වශයෙන් ඒ වට මුහුණ දෙන්න කටයුතු කළා. අපි එදාම මාතර හම්බන්තොට තංගල්ල පැමිණියා එදා මහා විනාශයක් දැක්කා” යැයි ඔහු සඳහන් කළේය.
වීරකැටිය ගොනදෙනිය ශ්රී විහාරස්ථානයේ පැවැති උත්සවයට එක්වෙමින් හිටපු ජනපතිවරයා මේ බව පැවැසීය.
එසේම රටේ සමහරුන්ට , නායකයින්ට රටේ එදා තිබු ඉතිහාසය අවම වී තිබෙන බවත් වත්මන් නිදහස ලැබී ඇත්තේ කෙසේද යන්න පිළිබඳව අමතක වී තිබෙන බවත් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.