මිරිහානේ ‘සුදු වෑන්’ සිද්ධිය සම්බන්ධ පුළුල් පරීක්ෂණයක් කිරීම සඳහා රහස් පොලීසිය (CID) වෙත භාර දුන් බව හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසීය.
පිස්තෝලය අතැතිව සිටි යුද හමුදා සෙබලුන් සම්බන්ධව සහ සුදු වෑන් රිය පිළිබඳ රහස් පොලීසිය සුදුසු පරීක්ෂණයක් සිදුකරනු ඇති බවත්, යුද හමුදා පරීක්ෂණයකට වඩා එය සුදුසු වනු ඇති බවත් අද පැවති මාධ්‍ය හමුවකදී හෙතෙම පැවසීය.