රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ සභාපති සුජීව සේනසිංහ මහතා ඇතුළු පිරිස සිදුකරන කෙනෙහිලිකම් සති දෙකක් තුළ නවතා නොදැමුවහොත් එක්සත් ජාතික පක්ෂයට සහයෝගය දැක්වීමෙන් ඉවත් වන බව ජාතික දුම්රිය සේවක සමිතිය සඳහන් කරයි.
1970 වසරේ සිට ක්‍රියාත්මක ජාතික දුම්රිය සේවා සමිතිය එක්සත් ජාතික පකෂයට සහයෝගය දැක්වූ බවත්, එහෙත් රාජ්‍ය සේවා වෘත්තීය සමිති සම්මේලනයේ තනතුරු දරන කිහිප දෙනෙකු විසින් මේ වනවිට විවිධ කෙනෙහෙලිකම් සිදුකරන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් නිහාල් ගුණරත්න මහතා අද (22දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී සඳහන් කළේය.
අදාළ ගැටලුව පිළිබඳ එක්සත් ජාතික පක්ෂ නිලධාරීන් දැනුවත් කළ බවත්, මීට අමතරව අද (22දා) දිනයේදී පක්ෂයේ නායක අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හා පක්ෂයේ ලේකම් අමාත්‍ය කබීර් හෂීම් මහතා දැනුවත් කිරීමට කටයුතු කළ බවත් හෙතෙම පවසා සිටියේය.
මෙම දැනුවත් කිරීම්වලට අනුව සති දෙකක් තුළ ප්‍රතිචාර නොලැබුනහොත් ස්වාධීන වෘත්තීය සමිතියක් ලෙස හෝ පක්ෂයෙන් ඉවත් වී කටයුතු කරනවාද යන්න තීරණයක් ගන්නා බවද ඔහු පැවසීය.