බස් රථ තුළ සිදුවන කාන්තා හිංසනය අවම කිරීමටත්, දක්ෂතා ඇති තරුණියන්ට හා කාන්තාවන්ට අවස්ථාවක් ලබාදීමටත් සුඛෝපභෝගී බස් රථ සඳහා කාන්තා කොන්දොස්තරවරියන් යෙදවීමට කටයුතු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව සඳහන් කරයි.
මේ අනුව මෙහි පළමු අදියර ලෙස අධිවේගී මාර්ගවල ධාවනය වන අධිසුඛෝපභෝගී බස්රථ සඳහා කාන්තා කොන්දොස්තරවරියන් යෙදවීමට සැලසුම් කර තිබෙන බවත්, ඒ සඳහා බස් හිමියන් පූර්ණ කැමැත්ත පළ කර තිබෙන බවද එම කොමිසමේ සභාපති රේණුක පෙරේරා මහතා සඳහන් කළේය.