ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් සීමා නිර්ණය කමිටුවේ සාමාජිකයෙකු ලෙස කටයුතු කල හිටපු ආණ්ඩුකාර සාලිය මැතිව් මහතා සීමා නිර්ණය කමිටුවේ අවසන් වාර්තාව අත්සන් තබා ඇත.
ඒ අනුව, සීමා නිර්ණය කමිටුවේ සාමාජිකයින් පස් දෙනා අතුරින් මේ දක්වා කමිටු වාර්තාවට අත්සන් තබා නැත්තේ එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නීතිඥ මිස්බාර් සතාර් මහතා පමණී.
මේ පිළිබඳව තොරතුරු වාර්තා කරන කැෆේ සංවිධාන පවසන්නේ එක්සත් ජාතික පක්ෂය ඉතා සැලසුම් සහගත අයුරින් සීමා නිර්ණය කමිටුවට පත් කොට ඇති තම නියෝජිතයා හරහා පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කල් දමා ගැනීමට උත්සහ කරන බවයි.
මේ අතර පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා ගේ ක්‍රියා කලාපය ජනාධිපතිවරයා විසින් දැඩි විවේචනයට ලක් කර ඇති බව කැෆේ සංවිධානය තවදුරටත් පවසයි.