මැතිවරණ සීමා නිර්ණය කොමිෂන් වාර්තාව පිළියෙල කර අවසන් බැවින්, එය අගමැතිතුමන් වෙත පිළිගැන්වීම සඳහා දිනයක් ලබා දෙන ලෙස එම කොමිසම අග්‍රාමාත්‍ය කාර්යාලයෙන් ඉල්ලීමක් කර තිබේ.
මෙම කොමිෂන් වාර්තාව පිළිබඳව පාර්ලිමේන්තුවේ අනෙකුත් පක්ෂ නායකයන්ටද, කොමිසම සමග සාකච්ඡා කිරීමට අවශ්‍ය බැවින් තමන් වෙත කොමිසමේ වාර්තාව පිළිගැන්වීමේ අවස්ථාවට පක්ෂ නායකයන්ද සහභාගි කරගැනීමට අවකාශ ලැබෙන පරිදි ඒ වෙනුවෙන් ඉදිරි පාර්ලිමේන්තු සතියේදී දිනයක් ලබාදෙන බව අගමැතිවරයා කොමිසම වෙත දන්වා තිබේ.