වෙළෙඳ පොළේ අලෙවි කෙරෙන සීනි සාන්ද්‍රණය ඉහළ දේශීය හා විදේශීය බීම හා පැණි බීම වර්ග සඳහා ඉදිරියේදී රතු ලේබලයක් නිකුත් කිරීමට කටයුතු යෙදී ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් පාලිත මහීපාල මහතා ප්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාව තුළ මේ වනවිට දියවැඩියා රෝගීන් බොහෝ සංඛ්‍යාවක් සිටින බවත්, ඒ හේතුවෙන් ඔවුන් පරිභෝජනය කරන බීම වර්ගවල සීනි සාන්ද්‍රණයේ අඩු වැඩිය නිෂ්පාදනයේ සඳහන් කිරීම වැදගත් බවත්, වෛද්‍ය මහීපාල මහතා ප්‍රකාශ කළේ කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
නිෂ්පාදිත බීම වර්ග අසුරනයේ රතු, කහ සහ කොළ යනුවෙන් ලේබල යෙදීමට මේ වනවිට ආහාර පනත යටතේ විධිවිධාන සකස් කෙරෙමින් ඇති බවත්, ඉදිරියේදී එය නිත්‍යානූකූල පරිදි ජනතාවට හඳුන්වාදීමට ක්‍රියාකරන බවත් ඔහු පැවසීය.
රතු ලේබලයෙන් සීනි සාන්ද්‍රණයේ ඉහළම අගයත්, කහ ලේබලයෙන් බීම, සාන්ද්‍රණයේ සාමාන්‍ය අගයත්, කොළ ලේබලයෙන් අඩු අගයත් දැක්වෙන බව මාධ්‍ය හමුවේදී අනාවරණය කෙරිණි.
එම හඳුන්වාදීම ආහාරයට ගන්නා අසුරන සහිත කෑම වර්ගවලටත් යෙදීමේ අවශ්‍යතාවක් ඇති බවද පැවසූ වෛද්‍ය මහීපාල මහතා ආනයන කළ බීම වර්ග වලින් රතු, කහ,කොළ ලේබල ඇලවීම ආහාර පනතට අනුව ඉදිරියේදී අනිවාර්ය වනු ඇති බව පැවසීය.