රෝග ඇතිවීම සඳහා බලපාන හෙයින් සීනි, තෙල් හා ලුණු ආශ්රිත නිෂ්පාදනවල බදු වැඩිකිරීමට අවශ්‍ය බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.
ලෝක හදවත් දිනය නිමිත්තෙන් කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේ පැවැති උත්සවයක් අමතමින් හෙතෙම මේ බව පැවසීය.
“පිරිමි කැමතියි කාන්තාවන්ට. ඒකත් රසයක්. සමහර පිරිමි ඉන්නවා පිරිමින්ට කැමතියි. ඒකත් රසයක්. ඒක නිසයි හැමවෙලේම කියන්නෙ රසය විවිධාකාරයි. සමහරු ඉන්නවා දෙගොල්ලන්ටම කැමතියි. තවත් සුළු පිරිසක් ඉන්නවා දෙගොල්ලන්ටම අකැමැති. මේ වගේම තමයි කෑමත්.
රසය කියන්නෙ එක්තරා මිත්‍යාවක්. රසය කියන්නෙ මොළයෙ තිබෙන දෙයක්. මත්පැන් භාවිතය කට්ටියකට රසයි. තවත් පිරිසකට අන්තිම නීරසයි.
දැන් තියෙන වැඩිම රෝග තමයි බෝ නොවන රෝග. මේවා හදාගන්නවා. රසය නිසා තමයි සියලුම ප්‍රශ්න. සමාජයට පුරුදු කරන්න ඕන රස සීමා කරන්නෙ කොහොමද කියලා. නියම රසය තමයි සෞඛ්‍යසම්පන්න ආහාරවේලක්.
මෙටට විදේශිකයන් ආවට පස්සෙ තමයි සීනි ආවෙ. ඒ අය තමයි සීනි පුරුදු කළේ. දැන් ඒ අයමයි සීනි හොඳ නෑ කියන්නෙ. අපිට ලුණු පුරුදු කළෙත් ඒ අය. තෙල් පුරුදු කළෙත් ඒ අය. ඒ අයම තමයි දැන් ඒවා හොඳ නෑ කියන්නෙත්. සීනි, තෙල් හා ලුණු ආශ්රිත දේවල්වලට බදු වැඩි කරන්න කියලා කියන්න ඕන.” යැයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.