උදේ කාලයේ පවතින අධික සීතල තත්ත්වය ඉදිරි සතියෙන් පසු ක්‍රමයෙන් අඩුවී යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. ඉන්දියාව දෙස සිට හමන වියළි සුළං තත්ත්වය නිසා මෙම තත්ත්වය ඇති වී තිබෙන බවත්, ඉදිරි සතිය වනවිට එම සුළං රටා වෙනස් වන බවද කාර්ය නියුක්ත කාලගුණ විද්‍යාඥ කසුන් පැස්කුවෙල් මහතා සඳහන් කළේය.
මීට අමතරව ඊසාන දිග මෝසම් තත්ත්වය මත නැගෙනහිර, ඌව උතුරු පළාත්වලට මේ මස 20 වැනිදා සිට දින 03ක කාලයක් වැසි ඇති විය හැකි බවද පවසා සිටියේය.