ලෝක සංචාරක දිනය නිමිත්තෙන් මේ මස 27 සහ 28 යන දෙදින තුළ අලුයම පහට සීගිරිය ගල මත සිට ඉර පායන දර්ශනය දැක බලාගැනීමට දෙස් විදෙස් සංචාරකයන්ට අවස්ථාව ලබාදීමට මධ්‍යම සංස්කෘතික අරමුදල තීරණය කර තිබේ.
එමෙන්ම එම දින දෙකේ පළමුවෙන්ම පැමිණෙන සංචාරකයන් 10 දෙනෙකුට සීගිරියට ඇතුළුවීමට නොමිලේ ප්‍රවේශපත්‍ර ලබාදීමටද තීරණය කර ඇත.
ඉදිරියේදී රාත්‍රී කාලයේද සංචාරකයන්ට සීගිරිය නැරඹීමට අවස්ථාව උදාකර දීමටද සූදානම් වෙමින් පවතින බව මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ප්‍රිශාන්ත ගුණවර්ධන මහතා පැවසීය.