යම්කිසි පුද්ගලයෙකුට වෛද්‍යවරයෙකු වීමට තිබෙන සිහිනය වෙනුවෙන් රෝගීන් බිල්ලට දීම සිදුකළ නොහැකි බවත්, මාලඹේ සයිටම් විද්‍යාලයට එරෙහිව අද(04දා) දියත්කළ සංකේත වැඩ වර්ජනය සාර්ථක වූ බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය නවින්ද සොයිසා මහතා පැවසීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ කාර්යාලයේදී අද(04දා) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේබව පැවසූ ඒ මහතා, මේසම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡාකිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කාරක සභාව හෙට(05දා) රැස්වන බවද නවින් ද සොයිසා මහතා කීය.