වවුනියාව, පණ්ඩාරිකුලම, විපුලානන්ද මහා විද්‍යාලයෙන් මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය සඳහා අයදුම්පත් නොලැබීම හේතුවෙන් එම පාසලේ සිසුවියක් ළිඳට පැන සියදිවි හානි කරගැනීමේ සිද්ධියට සම්බන්ධව පාසලේ විදුහල්පතිවරයාගේ වැඩ තහනම් කිරීමට පියවර ගෙන ඇතැයි වවුනියාව කලාප අධ්‍යාපන නිලධාරීහු පැවසූහ.
මේ අතර දිව්‍යා දැරියගේ අවසන් කටයුතු අද (09දා) සිදු කරන අවස්ථාවේදී ප්‍රදේශවාසීන් හා පොලීසිය අතර දැඩි උණුසුම්කාරී තත්ත්වයක්ද හටගත්තේය.
අවසන් කටයුතු සිදුකිරීම සඳහා පවුලේ ඥාතීන් ඇතුළු ප්‍රදේශවාසීහු දේහය රැගෙන ගිය අතර, ඇය ඉගෙන ගත් විපුලානන්ද විද්‍යාලය වෙත ගෙන ගොස්, එහිදී ඔවුහු විදුහල්පතිවරයා වහාම අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.