කොටදෙනියාව, සේයා සදෙව්මි දැරියගේ ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගෙන නිදහස් කරන ලද පාසල් සිසුවා හා එක්දරු පියා කරනු ලැබූ පැමිණිල්ල පිළිබඳව පොලිස් පරීක්ෂණ ආරම්භ කළ බව පොලීසිය කියයි. පොලීසියේදී තමන්ට පහරදුන් බව ඔවුහු පැමිණිලි ඉදිරිපත් කර තිබේ.
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාගේ අධීක්ෂණය යටතේ බස්නාහිර පළාත (උතුර) භාර නියෝජ්‍ය පොලිස්පති එල්. ජී. කුලරත්න මහතා පරීක්ෂණ ආරම්භ කර තිබෙන බව පොලීසිය කියයි.
එහිදී බාල වයසකාර පාසල් දරුවා කොටදෙනියාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි තිබුණේද යන්න පිළිබඳවත්, ඔවුන්ව අඩංගුවට ගැනීමෙන් පසු පහරදීම් කර ඇති බවට ඉදිරිපත් වී ඇති පැමිණිලි පිලිබදවත් පරික්ෂණ ආරම්භ කර ඒ පිළිබඳව වාර්තාවක් එළැඹෙන 07 දා පොලිස්පතිවරයාට ඉදිරිපත් කරන ලෙසත් නියෝග කර ඇතැයි පෙලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.